දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරඟයේ තුන්වන දිනය අද

Share

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරඟයේ තුන්වන දිනය අද (24) යි.

අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ (23) දිනයේ ද තරඟයට බාධා එල්ල විය. මේ හේතුවෙන් ඊයේ සහ පෙරේදා යන දින දෙකේදී කි‍්‍රයාත්මක කිරීමට හැකිව ඇත්තේ පන්දුවාර 66 ක් පමණයි.

වර්ෂාව හේතුවෙන් ඊයේ දිනයේ තරඟය නතර කරන විට සිය පළමු ඉනිම කී‍්‍රඩා කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුළු 6 ක් දැවී ලකුණු 144 ක් රැස් කර ගෙන සිටියේය.

නොදැවි කඩුල්ලේ රැදි සිටි ධනංජය ද සිල්වා ලකුණු 32 ක් ලබා සිටි අතර දිල්රුවන් පෙරේරා නොදැවී ලකුණු 5 ක් රැස්කරගෙන සිටී.

ශී‍්‍ර ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක දිමුත් කරුණාරත්නයි. ඔහු ලකුණු 65 ක් රැස් කිරීමට සමත් වූ අතර පන්දු යැවීමේදී ටෙ‍්‍රන්ට් බෝල්ට් සහ ටිම් සව්ති කඩුළු 2ක බැගින් දවාගත්තේය.

Read more

Local News