ඕස්ට්‍රේලියාවේ නිවසක කිලෝ 50 ක් බර මී වදයක්

Share

ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හි පිහිටි නිවසක සීවිලිමේ බැද තිබූ කිලෝග්‍රෑම් 50 කට ආසන්න බරකින් යුත් මී වදයක් සොයාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහි හැටදහසක පමණක මීමැසි ගහණයක් සිටි බව විදෙස් වාර්තා සදහන් කළේය.

නිවෙස් හිමි කාන්තාව මෙම මී වදයට කිසිදු අයුරකින් බාධා සිදුකර නොතිබුණු අතර, මාස 10 ක් පමණ සම්පූර්ණ වූ පසුව මී වදය වෙනත් ස්ථානයකට ගෙන යෑමට අදාළ කාන්තාව මී මැසි පාලකයෙකුට පවරා තිබේ.

ඒ අනුව ඔහු විසින් මීවදය නිවසෙන් ඉවත් කර ඇති අතර පසුව මෙම මී ජනපදය නිදහස් පරිසරයක් සහිත වෙනත් ස්ථානයක යළි ස්ථාපිත කිරීමටත් පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

Read more

Local News