ජනකොටස් අතර ඇති වැරදි වැටහීම් නැති කළ යුතුයි

Share

ජාතීන් අතර එකමුතුකම ඇති කිරීම සදහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ ජනකොටස් අතර ඇති වැරදි වැටහීම් නැති කර එක රටක් එක දේශයක් බිහි කිරිමට පියවර ගත යුතු බවයි.

ගම්පහ 16 වෙනි බෙනඩික් සංස්කෘතික අධ්‍යාපන ආයතනයේ පැවති උත්සවයකට එක්වෙමින් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙම අදහස් පල කළේය.

Read more

Local News