ත්‍රස්තවාදීන්ට හදිසි නීතිය ඉවත් කිරීමෙන් නිදහස ලැබෙන්නේ නෑ

Share

හදිසි නීතිය ඉවත් කළ ද ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වූ පුද්ගලයින්ට නිදහස ලබාදීමක් සිදුනොවන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින පුද්ගලයින් පිළිබදව නීතිපති උපදෙස් මත ඉදිරියේ දී කටයුතු කරන බවයි.

දොම්පේ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් රුවන් විජේවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

එමෙන්ම හදිසි නිතීය දිර්ඝ නොකිරීම ත්‍රස්ත සංවිධාන තහනමට බල නොපාන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.

ඒ අනුව ජාතික තවුහිද් ජමාත් සංවිධානය, ජාමාතේ මිලාතේ ඊබ්‍රහිම් සහ විලයාත් අස් සෙයිලානි යන සංවිධාන තුනට මේ බලනොපාන බව එම මධ්‍යස්ථනය සඳහන් කර ඇත.

දැනට පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් පෙරේදා (23)  දින සිට බලපැවැත්වෙන පරිදි හදිසි නීතිය දීර්ඝ නොකිරීමට රජය තීරණය කළේය.

Read more

Local News