දැන් රට ස්ථාවර බව අගමැති කියයි

Share

ණය බරින් මිරිකුණු දුර්වල අස්ථාවර හා ලෝකයෙන් හුදෙකලා වෙමින් පැවති රටක් 2015 වසරේ බාර ගැනීමට සිදු වුවද එය ණය ගෙවීමට ශක්තිය ඇති ස්ථාවර හා ශක්තිමත් රටක් බවට පරිවර්තනය කිරීමට මේ අණ්ඩුවට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මුතඣර් ප්‍රදේශයේ නව මහා මාර්ග පද්ධතීන් ජනතා අයිතියට පැවරීම නිමිත්තෙන් ඊයේ (24) සන්ධ්‍යාවේ පැවති ජනහමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙතෙක් පැමිණි ගමන් මග තව තවත් නිවැරදි කර ගනිමින් ඉදිරියට යාමට සියලූ දෙනා එකට එක්ව අත්වැල් බැඳ ගත යුතු බවය.

රට දීප්තිමත් අනාගතයක් කරා ගෙන යාමේ සැලසුම් සහ ශක්තිය ඇත්තේ තම ආණ්ඩුව සතුව බැවින් ඉදිරි වසර 5 තුළ ඒ සැලසුම් ක්‍රියාත්මක කරලමින් රට ගොඩ නංවා ගැනීමේ අවකාශ සලසා ගැනීමට එක් වන ලෙසද වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේ ය.

මෙම අවස්ථාවට මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලාහ් මහරුෆ්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉම්රාන් මහරුෆ්, එම්.එස්. තෞෆීක්, කේ. ධුරෙයි රත්නසිංගම්, සන්දිත් සමරසිංහ යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගිවී සිටියහ.

Read more

Local News