ලංකාවෙන් ගිය ත්‍රස්තයින් 5ක් ඉන්දීය ආරක්ෂක අංශ බාරයට

Share

ත්‍රස්ත සංවිධානයක සාමාජිකයින් පිරිසක් ශ්‍රී ලංකාවේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පැමිණ ඇති බවට ලද තොරතුරු මත සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී සැක කටයුතු පුද්ගලයින් පස් දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ බාරයට ගෙන ඇත.

ගත වු දින දෙක තුළ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී කාන්තාවක් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු ප්‍රශ්න කිරීම සඳහා කේරළ හා කොයිම්බතූර් පොලීසිය විසින් සිය බාරයට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

පාකිස්ථාන ත්‍රස්ත සංවිධානයක් වන ලෂ්කාර් – ඊ- ටයිබා නොහොත් එල්.ඊ.ටි. නමැති සංවිධානයේ සාමාජිකයින් වන දෙමළ මුස්ලිම් සම්භවයක් සහිත ශ්‍රී ලාංකිකයින් පස් දෙනෙකු සහ පාකිස්ථාන ජාතිකයෙකු ශ්‍රී ලංකාවේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පැමිණ ඇති බවට එරට බුද්ධි අංශ පසුගියදා අනතුරු ඇඟවීමක් කර තිබුණි.

මේ හේතුවෙන් ඉන්දියාවේ තමිල්නාඩු, කේරළ ඇතුළු ප්‍රාන්ත කිහිපයක ආරක්ෂාව තර කර සෝදිසි මෙහෙයුම් සිදුකිරීමට ඉන්දීය ආරක්ෂක අංශ පියවර ගනු ලැබුවේය.

Read more

Local News