දරුවන් දෙදෙනාට වස පොවා පියා සිය දිවි නසා ගනී

Share

පුත්තලම උඩප්පුව පල්ලිවාසල්පාඩුව ප්‍රදේශයේ පියෙකු විසින් සිය දරුවන් දෙදෙනාට වස දී ඝාතනය කර ඔහුද සිය දිවි නසා ගෙන ඇති බව වාර්තා වේ.

මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ වයස 31ක් වු දෙදරු පියෙක්.

මිය ගොස් ඇති දරුවන් දෙදෙනා පිරිමි දරුවන් වන අතර ඔවුන් 7 හැවිරිදි සහ 13හැවිරිදි බව පොලිස් මාධ්‍ය අංශය සඳහන් කළේය.

දරුවන් දෙදෙනාගේ සිරුරු මේ වන විට පුත්තලම මහ රෝහලේ තැන්පත් කර ඇති අතර සියදිවි නසා ගත් පුද්ගලයා සිරුර තවමත් සිය නිවසේ ඇති බව සඳහන් වේ.

පුත්තලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News