විවේචන එල්ල වීමෙන් මම ශක්තිමත් වෙනවා

Share

විවේචන එල්ල වීමෙන් තමන් තව තවත් ශක්තිමත් වන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තිස්සමහාරාම රජමහා විහාරයේ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ස්වාමීන් වහන්සේ දහස් නමකට බුදුපුත් සුරක්ෂා රක්ෂණාවරණය පිරිනැමීම අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේදී ඊයේ සිදුකෙරුණි.

තම පියා බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා විශාල කැප කිරීමක් සිදු කළ නමුත් පසුගිය රජය සමයේ බුද්ධ ශාසනයට අපහාස වන කියාවන් සිදු කළ බවටත් ඔහු චෝදනා එල්ල කරයි.

Read more

Local News