අකිල ලබන මස 02 වැනිදා ජනාධිපති පරීක්ෂණ කොමිසමට

Share

පාසල් නිල ඇදුම් වෙනුවට වව්චර් පත් ලබාදීමේ දී සිදුවූ බව කියන වංචා දූෂණ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයාට ලබන මස 02 වන දින ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

වව්චර් පත් ලබාදීමේදී වංචාවක් සිදුව ඇති බවට ජනාධිපති පරික්ෂණ කොමිසමට ලද පැමිණිල්ලකට අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන මුල්‍ය නිලධාරිවරයා සිදුකල අනාවරණයකට අනුව මෙම කැදවීම සිදුකර ඇති බව ජනාධිපති පරික්ෂණ කොමිසමේ ප්‍රකාශකයෙකු සදහන් කළේය.

මේ අතර ලබන වසරේ දී පාසල් ළමුන් සදහා වව්චර් පත් වෙනුවට නිල ඇදුම් ලබාදීමට පියවර ගන්නා ලෙස ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.

එහි ප්‍රධාන ලේකම් ජොෂප් ස්ටාලින් මහතා සදහන් කළේ වව්චර් පත් ලබාදීමේ දී වංචා දූෂණ සිදුවන බවට තම සංගමය අවස්ථා කිහිපයකදී පෙන්වාදුන් බවයි.

Read more

Local News