තවුහිද් ජමාත් සමාජිකයෙකු අත්අඩංගුවට

Share

තහනම් කරන ලද තවුහීද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයකු අද (25) අලුයම මාවනැල්ල මුරුතවෙල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා ඉස්ලාම් ආගම ඉගැන්වීම සිදුකළ අයෙක් බව පොලිසිය පවසයි.

ඉකුත් අප්‍රේල් 21 දා කොළඹ හා අවට ප්‍රදේශවල සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර මාලාවට ආධාර අනුබල දීම යටතේ හා අන්තවාදී මුස්ලිම් සංවිධාන වලට ශ්‍රි ලංකාව තුළ නැවත ත්‍රස්තවාදය ඇති කිරිම ප්‍රතිසංස්කරණය කිරිම ජාතීන් අතර අසමගිය ඇති කිරිමට ආධාර අනුබල දීම යටතේ සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට පත්  පුද්ගලයා වයස අවුරුදු 59 හැවිරිදි අයෙකි.

Read more

Local News