වස්තු සොයා කෑනිම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

මොනරාගල පොලිස් බල ප්‍රදේශයේ ගලබැද්ද ගම්මානයේ පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුතු ඉඩමක නිධන් සොයා කෑනිම් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට දිසා පුරාවස්තු ආරක්ෂක විශේෂ පොලිස් ඒකකයේ නිලධාරීන් සමත් වී ඇත.

මෙම ස්ථානය පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ඓතිහාසික ස්ථානයක් බව වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බදුල්ල සහ මොනරාගල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු33 සහ 23 යන වයස් වල පසුවන්නන්ය.

සැකකරුවන් සන්තකයේ තිබී කැනීම් සිදු කිරීමට යොදා ගත් උපකරණ රැසක් ද පොලිස් බාරයට ගෙන ඇත.

සැකකරුවන් අද (25) මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.