එජාප අපේක්ෂකයා නියම වෙලාවට එනවා

Share

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නියමිත වේලාවට නම් කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඇතැමුන් හිතුමතේට පක්ෂයේ විනයක් නොමැතිව කටයුතු කිරීම සම්බන්ධයෙන් දුකක් පමණක් බවත් පැවසු අමාත්‍යවරයා, ඒ වෙනුවෙන් නිකරුණේ කෑ ගැසමින් වැඩ කරන පක්ෂයක් නොවන බව ද පැවසීය.

ජනතා අවශ්‍යතා ඉටු කළ හැකි අයුරින් විශ්වාසයක් ඇති කර ගෙන සියලු දෙනා එක් කර ගනිමින් ජයගත හැකි ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවද පැවසු අමාත්‍යවරයා, යම් අය සීමාවක් නොමැතිව කටයුතු කරන ආකාරය ගැන දුකක් පවතින බවද සඳහන් කළේය.

යම් අයට හදිසි නිසාවෙන් එක්සත් ජාතික පක්ෂය අනිසි තීරණ ගන්නා පක්ෂයක් නොවන බවද රවී කරුණානායක මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Read more

Local News