කේරල ගංජා සමඟ හයක් අත්අඩංගුවට

Share

බොරලැස්ගමුව ප්‍රදේශයේදී කේරල ගංජා ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී බොරලැස්ගමුව සුනේත්‍රාරාමය අසල පිහිටි ළමා උද්‍යානය තුළදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

එක් එක් පුද්ගලයන් සතුව තිබු කේරළ ගංජා ග්‍රෑම් 40ක් එහිදී විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන ඇත.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා බොරලැස්ගමුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Read more

Local News