ක්‍රීඩකයන් පිළිබඳ නැවත සලකා බැලීමට සිදුවන බව දිමුත් කියයි

Share

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති දෙවන ටෙස්ට් තරඟය ලකුණු 65 කින් ජයගැනීමට නවසීලන්තය සමත් විය.

ඒ අනුව 1/1 ක් ලෙස තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට නවසීලන්තය ඊයේ දිනයේ දී සමත් විය.

එම තරඟයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සඳහන් කළේ, ක්‍රීඩකයින් තමන්ට ලැබුණු අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගන්නේ නැත්තම් ක්‍රීඩකයන් පිළිබඳ නැවත සළකා බැලීමට සිදුවන බවයි.

එමෙන්ම ජ්‍යෙෂ්ඨ ක්‍රිඩකයින් නිසි ආකාරයෙන් ක්‍රීඩා නොකිරීම කණ්ඩායමට විශාල වශෙයෙන් බලපාන බවත් ශ්‍රි ලංකා ක්‍රිකට් නායකයා වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News