නීතිය සැමට සමානව ක්‍රියාත්මක විය යුතුයි

Share

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරිමට පිහිටුවා ඇති ආයතන ජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා කිරිම වෙනුවට දේශපාලනික අවශ්‍යතා සඳහා භාවිතා කිරිමට ඉඩනොදිය යුතු බව ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණු නීතීඥවරුන්ගේ සංගමයේ පළමු සම්මේලනය අමතමින්.

ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණු නීතීඥවරුන්ගේ සංගමයේ පළමු සම්මේලනය එම පක්ෂයේ නායක, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණි.

“නීතිය යන සංකල්පය ශිෂ්ඨාචාරවත් සමාජයක අත්තිවාරම යැයි කිවතොත් එය නිවැරදියි.

නීතියේ අධිපත්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදය යන ඉතාමත් ස්වර්ණමය සංකල්පය ජනතාවගේ සුභ සිද්ධිය හා දියුණුව සඳහා අනිවාර්යයෙන්ම ආරක්ෂා කළ යුතු බව අපි කවුරුත් දන්නා කරුණක්.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා යැයි පිහිටුවා ඇති ආයතනික ව්‍යුහය ජනතාවගේ පරමාධිපත්‍ය ආරක්ෂා කිරීම වෙනුවට දේශපාලන අවශ්‍යතා සඳහා යෙදවීමට තවදුරටත් ඉඩ දිය නොයුතුයි.

ඒ වෙනුවට ඒ ආයතනවලට සැබෑ ස්වාධීනත්වයක් ලබා දී ඒවා තවදුරටත් ශක්තිමත් කිරීම තුළින් ජනතාව සවිබල ගැන්වීමට නීතිඥයෙන්ගේ උපදෙස් හා සහාය බලාපොරෙත්තු වෙනවා.

එක රටක් තුළ ක්‍රියාත්මක විය හැක්කේ එක නීතියක් පමණයි.

නීතිය සැමට සමානව ක්‍රියාත්මක විය යුතුයි.

පුරවැසියා හැම විටම නීතිගරුක විය යුතුයි. නමුත් පුරවැසියා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට හා පුද්ගලයන්ට බයනම් එහි ගැටලුවක් තියෙනවා.

නීතිය ක්‍රියාත්මක කරන ආයතන හා පුද්ගලයින් නීතියට යටත්ය කියන කාරණය බවත් මතක තබා ගත යුතුයි”

Read more

Local News