රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අද ලෙඩ නිවාඩු

Share

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (03) වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව තීරණය කර තිබේ.

එහි සභාපති නිමල් කරුණාසිරි මහතා සඳහන් කළේ වැටුප් විෂමතා, දීමනා ඇතුළු ගැටලූ‍ කිහිපයක් සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.

මේ අතර රජයේ විශ්වවිද්‍යාල 15ක අනධ්‍යයන කාර්ය මණ්ඩලය ලබන 10 වනදා වැඩ වර්ජනයක් ක‍්‍රියාත්මක කිරීමට ‍ශ‍්‍රී ලංකා විශ්වවිද්‍යාල එකාබද්ධ වෘත්තීය සමිති සංගමය තීරණය කර තිබේ.

එම සංගමයේ භාණ්ඩාගාරික කපිල දැරණියගල මහතා සඳහන් කළේ, වැටුප් වැඩි වීමේ ක‍්‍රියාවලියේ විෂමතාවයක් පවතින බැවින් ඊට එරෙහිව වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි.

Read more

Local News