අගමැති මාලදිවයින් සංචාරයේදි කළ සාකච්ඡා

Share

මාලදිවයිනේ දෙදින නිල සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම සංචාරයේ දී මාලදිවයින් විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය අබ්දුල්ලා ෂහීඩ් සහ සිංගප්පූරුවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් යන මහත්වරු හමුවී සාකච්ඡා පැවැත්වා ඇත.

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂහීඩ් මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැති සාකච්ඡා පසුගිය 02 වැනි දා එරට කුරුම්බා දිවයිනේ, සංචාරක නිකේතනයේ දී පැවැත්විණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් මහතා අතර සාකච්ඡා පැවැත්වූයේ පසුගිය 03 වැනි දා එරට “පැරඩයිස් අයිලන්ඩ්හි” ආරම්භ වූ ඉන්දීය සාගර සමුළුව අතර වාරයේදීය.

මෙම සාකච්ඡාවන්ට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අභ්‍යන්තර, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, උසස් අධ්‍යාපන, නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම්, සමාජ සවිබලගැන්වීමේ සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මේජර් ජනරාල් අශෝක තෝරදෙනිය, අග්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ඇතුලූ පිරිසක් සහභාගි වූහ.

Read more

Local News