ආණ්ඩුවට මෙතෙක් කාලයක් බලයේ සිටීමට ඉඩ දීම විශාල වරදක්

Share

රටේ ජාතික ආරක්ෂාව, ස්වෛරීභාවය, නීතිය හා සාමය, සුබසාධනය, ප්‍රජාතන්ත්‍රවාදය, යන ප්‍රධාන කරුණු වත්මන් ආණ්ඩුව යටතේ විශාල අනතුරකට ලක්ව ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

අද (05) කොළඹ දී පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

ආණ්ඩුව මෙතෙක් කාලයක් හෝ බලයේ සිටීමට ඉඩ දීම විශාල වරදක් බව ද වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා තරම් සුදුසු නායකයෙකු වෙනත් කිසිදු පක්ෂයක නැති බව ත් එසේම සහෝදර පක්ෂවල වැඩපිළිවෙලයන් ද ඇතුළත්ව ප්‍රබල ජනාධිපතිවරණ ක්‍රියාවලියක් ඉදිරියේදී දැක ගත හැකි වනු ඇති බවත් ඒ මහතා පැවසීය.

එසේම න සන්ධානයක් බිහි කිරීම සඳහා මේ වන විට වැඩ කටයුතු මේ වන සූදානම් වෙමින් පවතින බවත් එහි නාමය ලෙස “ශ්‍රී ලංකා පොදු ජන සන්ධානය” ‍යන්න යෙදීමට එකඟ වී ඇති බවත් වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

එම සන්ධානයේ ව්‍යවස්ථාව මේ වන විට කෙටුම්පත් කර අවසන් බවත් තවත් ඉතුරුව ඇත්තේ නනතුරු පිරවීම් ආදිය පමණක් බව ත් ඒ මහතා ප්‍රකාශ කළේය.

Read more

Local News