ඉතාලියේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි

Share

ඉතාලි නව රජයේ කැබිනට් මණ්ඩලය පසුගියදා දිවුරුම් දුන්නේය.

ඉතාලි ජනාධිපති සර්ජො මතරෙල්ලා (Sergio Mattarella) ඉදිරියේ එරට නව රජයේ කැබිනට් මණ්ඩලය පසුගියදා දිවුරුම් දුන්නේය.

යුරෝපා සංගමය සමඟ ශක්තිමත් සබඳතා පවත්වා ගනිමින් ස්ථාවර රාජ්‍යයක් ලෙස ඉදිරියට යාම ප්‍රතිවාදී දේශපාලන පක්ෂ දෙකක් එක්ව පිහිටුවනු ලැබු ඉතාලි නව සභාග ආණ්ඩුවේ අපේක්ෂාවයි.

නව කැබිනට් මණ්ඩලය තරු පහේ ව්‍යාපාරයේ සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සුසංයෝගයක් වන අතර ඊට නායකත්වය දෙන්නේ ඉතාලි අගමැති ජුසෙපි කොන්ටේ (Giuseppe Conte) විසින්.

කෙසේ වෙතත් ඔහුගේ නායකත්වයෙන් යුතු පෙර පැවති ආණ්ඩුව පසුගිය අගෝස්තු මාසයේදී බිඳ වැටුණි.

එවර ආණ්ඩුව පිහිටුවීම සඳහා ඔහුට සහය වූ මතෙයෝ සල්වීනී (Matteo Salvini) ගේ ලීගය ආණ්ඩුවෙන් ඉවත් වීම ඊට හේතුවයි.

ආණ්ඩුවේ වැදගත්ම අමාත්‍ය ධුරයක් වන ආර්ථික අමාත්‍ය ධූරය හිමිවුණේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ රොබෙර්තෝ ග්වල්තියරි (Roberto Gualtieri) හටයි.

ඔහු යුරෝපා සංගමයේ සාමාජිකයෙක්ද වෙයි.

නව කැබිනට් මණ්ඩලයේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස තරු පහේ ව්‍යාපාරයේ ලුයිජී දී මායෝ පත්කෙරුණා.

ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබඳව අත්දැකීම් අවම වුවත් ඔහු එරට නියෝජ්‍ය අගමැති, කර්මාන්ත අමාත්‍ය සහ කම්කරු ඇමති යන තනතුරු හොබවා තිබේ.

ආණ්ඩුව අර්බුදයකට ඇද දමමින් ඉවත් වූ සල්වීනී ගේ අධික්ෂණය යටතේ පැවති අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ධූරය හිමිවුණේ ලුසියානා ලමෝරියේසේ ට හිමිවිය.

ඇයද දේශපාලන සබඳතා නොමැති සිවිල් සේවිකාවක් බව සඳහන් වෙයි.

මේ අතර නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් පසුව පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කිරීම සඳහා සම්ප්‍රදායට මුල්තැන දෙමින් අගමැති ජුසෙපි කොන්තේ කටයුතු කළ ඇත.

Read more

Local News