නවකයන්ට විදුලි ආලෝක තත්ත්වයන් යටතේ පුහුණුව ලබා දිය යුතුයි

Share

නවක ක්‍රීඩකයන්ට විදුලි ආලෝක තත්ත්වයන් යටතේ පුහුණුව ලැබීමට අවස්ථාව ලබා දිය යුතු බව ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක ලසිත් මාලිංග පවසයි.

අද පල්ලේකැලේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – නවසීලන්ත අවසන් තරගය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි විස්ස තරගාවලියේ තුන්වන තරගය අද පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී රාත්‍රී 7ට  ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරග දෙකම ජය ගත් නවසීලන්ත කණ්ඩායම මේ වන විට තරගාවලියේ ජය හිමි කරගෙන සිටියි.

මේ අතර නවසීලන්තය සමඟ පැවැති දෙවන විස්සයි විස්ස තරගයේදී ආබාධයකට ලක් වු කුසල් මෙන්ඩිස් ප්‍රතිකාර සඳහා කොළඹට එවා ඇත.

ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා සඳහන් කළේ දෙවන තරගයේ ආබාධයකට ලක් වු ෂෙහාන් ජයසූරියටද අද තරගය අවිනිශ්චිත බවයි.

Read more

Local News