ෆැක්සායි ටෝකියෝ අගනුවරට

Share

ෆැක්සායි සුළි කුණාටුව ජපානයේ ටෝකියෝ අගනුවර ආසන්නයෙන් එරටට ඇතුල්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ෆැක්සායි සුළි කුණාටුවේ බලපෑමෙන් ජපානයේ ටෝකියෝ අගනුවර ආශ්‍රිත ප්‍රදේශයට තද වැසි ඇඳහැලෙමින් තිබේ.

ඉදිරි පැය කිහිපය තුළදී එම ප්‍රදේශයෙන් මිලිමීටර් 300 ඉක්මවූ වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව කාලගුණ බලධාරීන් පවසයි.

මේ සමඟ ඇතැම් ප්‍රදේශවලට නායයෑම් හා ජල ගැලීම් අවදානමක්ද මතුව ඇති අතර අයහපත් කාලගුණය හේතුවෙන් කලාපයේ ගුවන් ගමන් වාර සියයක් පමණ අවලංගු කර ඇත.

එමෙන්ම නිවාස තුන්ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මේ වන විටත් විදුලි බිඳවැටීමට ලක්ව ඇති බව සඳහන් වෙයි.

ජපානයට මෙම ආපදා තත්වය බලපා ඇත්තේ ලෝක කුසලාන රග්බි තරගාවලිය ආරම්භ කිරීමට දින කිහිපයක් තිබියදීයි.

රටවල් 20 ක සහභාගීත්වයෙන් ලෝක කුසලාන රග්බි තරගාවලිය ලබන 20 වනදා ජපානයේ දී ආරම්භ වීමට නියමිතයි.

Read more

Local News