විශේෂ අවශ්‍යතා සහිත අයට නව විදුලි සබඳතා ලබාදීමේදී විශේෂ ප්‍රමුඛත්වයක්

Share

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙත නව විදුලි සබඳතා ලබාදීමේදී විශේෂ ප්‍රමුඛත්වයක් ලබාදීමට කටයුතු කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පැවසුවේ, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ සංගමයේ නිලධාරීන් සමඟ පසුගියදා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති විශේෂ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එහිදි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ,

“අපේ රටේ ජිවත්වන විශේෂ අවස්ථා ඇති පුද්ගලයින්ගේ ඉල්ලීම් සහ ඔවුන් මුහුණපාන දුෂ්කරතා සම්බන්ධයෙන් අපි විශේෂ අවධානයක් යොමුකළ යුතුයි.

ඒ වෙනුවෙන් අදාළ අමාත්‍යාංශ සහ අනෙකුත් ආයතන සමඟ සාකච්ඡා කර හැකි උපරිමයෙන් මෙම පුද්ගලයන් සඳහා සහන සැලසීමට බලාපොරෝතතු වෙනවා.

ඒ වගේම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් නිවැරදි ලෙස හදුනාගනිමින් සමාජසේවා අමාත්‍යාංශයේ හෝ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ සංගමයේ අනුමැතිය ලබාගැනීමෙන් පසු, විශේෂ ප්‍රමුඛතාවයක් ලබාදෙමින් නව විදුලි සබදතා ලබාදීම, ඔවුන්ගේ විදුලි බිල්පත් වෙනුවෙන්වන ගෙවීම් ලබාගැනීම සදහා පහසු ක්‍රමවේදයක් සකසා දීම වැනි ක්‍රියාමාර්ගයන් තුළින් සහන සැලසීමට අදාළ අංශ වෙත උපදෙස් ලබාදෙනවා.” යැයිද අමාත්‍යවරයා අවධාරණය කළේය.

Read more

Local News