බ්‍රිතාන්‍ය ආර්ථික ක්‍රමය තුළ තවදුරටත් සිරවී සිටිය නොහැකි – අගමැති

Share

19 වන ශත වර්ෂයේ ඇරඹූ බ්‍රිතාන්‍ය ආර්ථික ක්‍රමය තුළ තවදුරටත් සිරවී සිටිය නොහැකි බව පෙන්වා දෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අලූත් ආර්ථිකයක් වෙත රට යොමු කළ යුතු බව පවසයි.

විශාල ණය බරක් සහිත සහ අපනයනය කඩා වැටුණු රටක් තම ආණ්ඩුවට භාර ගැනීමට සිදුවූ බව ප්‍රකාශ කළ රනිල් වික්‍රමසිංහ මහතා ඒ සියලූ අභියෝගවලට මුහුණදෙමින් කතාව වෙනුවට සීඝ්‍රයෙන් වැඩ කරන යුගයක් ඇරඹූ බව සිහිපත් කළේය.

කොළඹ මහනගරය, මාර්ග පද්ධතිය හා වරාය දියුණු කිරීම මඟින් ඉන්දියන් සාගරයේ කේන්ද්‍ර ස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කිරීමට කැපවී ක්‍රියා කරන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

අගමැතිවරයා මෙම අදහස් පළ කළේ අද (10) කොළඹ වරාය පරිශ්‍රයේ දී, වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතියට මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.

Read more

Local News