අලි බබා නිර්මාතෘ ජැක් මා විශ්‍රාම යයි

Share

චීනයේ ධනවත්ම පුද්ගලයා සහ සුප්‍රකට අලි බාබා සමාගම හරහා චීනයට ඊ- වාණිජ්‍යය හඳුන්වා දුන් බිලියනපති ජැක් මා අද(10) අලි බාබා සමාගමේ විධායක සභාපති ධුරයෙන් විශ්‍රාම යන බව සඳහන් වෙයි.

අද ඔහුගේ 55 වැනි ජන්ම දිනය බැවින් ඔහු මේ සඳහා අද දිනය තෝරාගෙන තිබේ.

දශක දෙකක් තිස්සේ ක්‍රම ක්‍රමයෙන් ගොඩ නැගූ අලි බාබා සමාගම මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 480ක දැවැන්ත සමාගමක් බවට පත් කිරීම පසුපස සිටින ප්‍රබලම පුද්ගලයා වන්නේ ජැක් මා යි.

මේ වන විට අමෙරිකානු ඩොලර් බිලියන 40කට අධික ධනස්කන්ධයක් ද ඔහු මෙම සාර්ථකත්වය හරහා උපයාගෙන චීනයේ ධනවත්ම පුද්ගලයා හැටියට වැජඹෙයි.

විශ්‍රාම යාමෙන් පසුව සමාජයට සේවය කිරීමට තමන් පූර්ණ කාලීනව කැපවන බව ජැක් මා පවසන අතර තමන් 70 වන වියට එළඹෙන විට සමාජයට තමන්ගේ හැකියාවෙන් සහ ධනස්කන්ධයෙන් කැපී පෙනෙන සේවයක් කිරීම ඔහුගේ බලාපොරොත්තුව බව ජැක් මා පවසා තිබේ.

Read more

Local News