හිමිකරුවෙක් නාෙමැති කේරළ ගංජා තොගයක් සොයා ගැනේ

Share

නාවික හමුදාව විසින් අද (10) අළුයම කන්කසන්තුරයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 23.1ක් සොයා ගෙන ඇත.

උතුරු නාවික විධානය විසින් කන්කසන්තුරයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී අද සිදු කළ මුර සංචාරයක් අතරතුර මුහුදේ පාවෙමින් තිබූ සැක කටයුතු පාර්සලයක් නිරික්‍ෂණය කර ඇත.

එම පාර්සලය පරික්‍ෂාවට ලක් කිරීමේදී එහි අසුරා තිබූ කුඩා පාර්සල් 11 ක් හමුවි ඇති අතර, එහි තිබි මෙම කේරළ ගංජා තොගය සොයා ගන්නා ලදි.

නාවික හමුදාව විසින් සිදු කරනු ලබන මෙහෙයුම් හමුවේ මෙම කේරළ ගංජා‍ තොගය අතහැර දමා සැකකරුවන් පළා ගොස් ඇති බවට සැක කරන අතර, සොයා ගන්නා ලද කේරළ ගංජා තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා යාපනය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දීමට නියමිතව ඇත.

Read more

Local News