උතුරු පළාතේ සෑම උප දිශාපති කාර්යාලයකටම කර්මාන්ත පුරවරයක්

Share

උතුරු පළාතේ සෑම උප දිසාපති කොට්ඨාසයකම කර්මාන්ත පුර ආරම්භ කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රුපියල් ලක්ෂ 173 ක් වැයකොට යාපනය දිස්ත්‍රික්කයේ ඉදිකළ උදාගම්මානයක් ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, ඉදිරියේ දී උතුරු පළාතේ සෑම උප දිශාපති කාර්යාලයකටම කර්මාන්ත පුරවර සෑදීමට තමා සුදානම් වන බවයි.

එක් පළාතකට පමණක් සීමා නොකර, සෑම උප දිශාපති කොට්ඨාශයකම කර්මාන්තශාලා ඉදි කරමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් රැකී රක්ෂා ලබා දෙමින් රටේ කර්මාන්ත පුබුදුවා ලීමට තමා අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

Read more

Local News