අපරාධ වලට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට

Share

අනුරාධපුරය, සාලියවැව පොලිස් වසමේදී අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු T-56 ගිනි අවියක් සමඟ අද (11) අත්අඩංගුවට ගෙන ඇති බව බෙලිඅත්ත පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බව පොලිසිය පවසයි.

මෙම සැකකරු විසින් බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි අයකුට උකස් කරන ලද ඩිෆෙන්ඩර් රථයක් මංකොල්ලකා පළා යාම, බෙලිඅත්තේ දී ත්‍රිරෝද රථයක් පැහැරගෙන යාම, ජීව පතුරොම් සහිත පිස්තෝලයක් ඩිෆෙන්ඩර් රථයකින් රැගෙන යමින් සිටියදී වීරකැටිය ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයකදී සැකකරු රථය රැගෙන පලා යාම සහ යතුරුපැදි සොරකම් යන චෝදනා සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පුද්ගලයෙකු බව වාර්තා වෙයි.

Read more

Local News