පාකිස්ථානු සංචාරය ගැන ඇමති හරින්ගෙන් පැහැදිලි කිරීමක්

Share

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් පකිස්ථාන තරඟ සංචාරයට එක්වීම වැළැක්වීම සඳහා ඉන්දියාව බලපෑම් එල්ල කළ බවට පළ වන වාර්තා අසත්‍ය බව ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සිය ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින්.

පකිස්ථාන සංචාරය සඳහා සහභාගී නොවන ලෙස ඉන්දීය ක‍්‍රිකට් පරිපාලකයින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් හට බලපෑම් එල්ල කර ඇති බව පකිස්ථානයේ විද්‍යා සහා තාක්ෂණ අමාත්‍ය ෆවාඞ් හූසේන් චෞද්රි ඊයේ (10) චෝදනා කළේය.

ඔහු සිය ට්වීටර් ගිණුමේ සඳහන් කර තිබුණේ, ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලි සඳහා එම ක‍්‍රීඩකයින් සම්බන්ධ කර නොගන්නා බව පවසමින් මෙම බලපෑම එල්ල කර ඇති බවයි.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයින් පාකිස්ථාන සංචාරයට සහභාගී නොවන බවට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම්දී තිබේ.

එම ක‍්‍රීඩකයින් මේ බව දැනුම් දීමක් කළේ පසුගිය 09 වනදායි.

දිමුත් කරුණාරත්න/ නිරෝෂන් දික්වැල්ල/ කුසල් ජනිත් පෙරේරා/ ධනංජය ද සිල්වා/ තිසර පෙරේරා/ අකිල ධනංජය/ ලසිත් මාලිංග/ ඇනජෙලෝ මැතිව්ස්/ සුරංග ලක්මාල් සහ දිනේෂ් චන්දිමාල් පාකිස්තාක සංචාරය සඳහා සහභාගී නොවන බව දැනුම්දී තිබේ.

වසර 10 කට පසු පූර්ණ තරගාවලියක් සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ මස අගදී පකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතයි.

Read more

Local News