අද ජනපති කොමිසමට පැමිණිය නොහැකි බව අගමැති දන්වයි

Share

රාජ්‍ය ආයතනවල දුෂණ වංචා සෙවිමේ ජනාධිපති කොමිසම හමුවේ අද (12) දිනයේ පෙනී සිටිමට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇත.

කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඒ පිළිබඳව ලිඛිතව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා කොමිසමට දැනුම් දුන් බවයි.

මන්නාරම දිස්ත්‍රික්කයේ වැඩසටහන් කිහිපයකට සහභාගී වීමට ඇති බවට පවසමින් මෙම දැනුම්දීම සිදුකර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ පිහිටි පෞද්ගලික ගොඩනැඟිල්ලක පවත්වාගෙන යාමේදී සිදු වු අක්‍රමිකතාවකට අදාලව ප්‍රකාශයක් ලබා ගැනිම සඳහා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අග්‍රාමාත්‍යවරයාට සිතාසි නිකුත් කර තිබුණි.

ඒ අනුව, අග්‍රාමාත්‍යවරයාට ලබන 16 වනදා උදෑසන 9.30 ට ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා යළි සිතාසි නිකුත් කළ බව එම කොමිසම ප්‍රකාශ කළේය.

Read more

Local News