දොම්පේ සිදුවු රිය අනතුරකින් දරුවෙකු මරුට

Share

දොම්පේ, තිත්තපත්තර ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් කුඩා දරුවෙකු මියගොස් තිබේ.

යතුරුපැදියක් මෝටර් රථයක පසු පස ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

අනතුරින් යතුරුපැදියේ පසුපස ගමන් කළ කාන්තාවක් සහ කුඩා දරුවන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා දොම්පේ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු එක් දරුවෙකු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 10 හැවිරිදි මහවත්ත, තිත්තපත්තර ප්‍රදේශයේම පදිංචිව සිටි පිරිමි ළමයෙකි.

අනතුරින් තුවාල ලැබූ මව සහ අනෙක් දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම රෝහලට මාරුකර යවා තිබේ.

Read more

Local News