ඩෝරියන් සුළි කුණාටුවෙන් 2500ක් අතුරුදන්

Share

බහමාස් රාජ්‍යයට බලපෑ ප්‍රචණ්ඩ ඩෝරියන් සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් දෙදහස් පන්සීයක් තවමත් අතුරුදන්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එමෙන්ම තවත් දහස් ගණනක පිරිසක් අවතැන්ව සිටින බවද එරට වාර්තා සඳහන් කළේය.

ඉකුත් පළමුවන දා බහමාස් දිවයිනට ඇතුල් වූ ඩෝරියන් චණ්ඩ මාරුතය හේතුවෙන් පුද්ගලයන් 50කට පමණ දිවි අහිමි වී ඇති අතර ඉන් තවත් බොහෝ පිරිසක් තුවාල ලැබූ අතර නිවාස රථ වාහන ඇතුළු දේපළ රැසක්ද විනාශ වී තිබේ.

කැරිබියන් හදිසි ආපදා කළමනාකරණ කාර්යාංශය කියා සිටින්නේ පුද්ගලයන් පහළොස්දහසකට පමණ ආහාර හා වාසස්ථාන අවශ්‍ය වී තිබෙන බවයි.

අවතැන් පුද්ගලයන් සඳහා විශාල කූඩාරම් ඉදිකිරීමේ කටයුතු බහමාස් බලධාරීන් මේ වන විටත් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

Read more

Local News