ශ්‍රී ලංකා කණ්ඩායමට ත්‍රස්ත තර්ජන

Share

පාකිස්ථානයේ තරඟ සංචාරයකට සහභාගි වීමට නියමිත ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට ත‍්‍රස්තවාදී තර්ජනයක් පවතින බවට දැනුම් දීමක් සිදු කර තිබේ.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සඳහන් කළේ, ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා හරහා අග‍්‍රාමාත්‍ය කාර්යාලය විසින් මෙම දැනුම් දීම සිදු කර ඇති බවයි.

ඒ අනුව පකිසථාන තරඟ සංචාරයේ නිරත වන ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව පිළිබඳ යළි සලකා බලන ලෙස දැනුම් දී තිබේ.

පාකිස්ථාන තරඟ සංචාරයේ ශ‍්‍රී ලංකා එක්දින නායකයා ලෙස ලහිරු තිරිමාන්න නම් කර ඇත.

ක‍්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායමට ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතාගේ අනුමැතිය හිමි වූ බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සඳහන් කළේ.

විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක නම් කර තිබේ.

ශ‍්‍රී ලංකා කණාඩායමේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයින් පාකිස්ථාන සංචාරයට සහභාගී නොවන බවට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම් දුන්නේ පසුගිය 09 වනදායි.

දිමුත් කරුණාරත්න/ නිරෝෂන් දික්වැල්ල/ කුසල් ජනිත් පෙරේරා/ ධනංජය ද සිල්වා/ තිසර පෙරේරා/ අකිල ධනංජය/ ලසිත් මාලිංග/ ඇනජෙලෝ මැතිව්ස්/ සුරංග ලක්මාල් සහ දිනේෂ් චන්දිමාල් පාකිස්ථාන සංචාරය සඳහා සහභාගී නොවන බව දැනුම්දී ඇත.

Read more

Local News