මාධ්‍ය නිදහසට තිබෙන ප්‍රශ්නයක් ගැන රුවන් කියයි

Share

තමන් ජනමාධ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර නොමැති බව ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

ඊයේ(11) පස්වරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසා සිටියේ ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ඇති ආයතනයක් ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීම මාධ්‍ය නිදහසට ප්‍රශ්නයක් බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා මේ බව පැවසීය.

“මමත් BREAKING NEWS එකෙන් දැක්කේ. ජනපති සමග දේශපාලන ප්‍රශ්නයක් නැහැ. ප්‍රතිපත්තිමය ගැටලුවක් තියෙනවා“

ප්‍රශ්නය- ඔබතුමා ඔය තනතුරේ තවදුරටත් රැදීසිටිමේ අදහසක් නැහැ කියලා ආරංචියක් තියෙනවා. ඒ කතාව ඇත්තද?

කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා- තනතුරෙන් ඉවත්වුණාට ප්‍රශ්නයට විසදුමක් නැහැ“

Read more

Local News