නිදහස් අධ්‍යාපන වැඩපිළිවෙලක් වෙනුවෙන් කැපවෙනවා

Share

මෙරට අධ්‍යාපනය පූර්ණ වශයෙන්ම නිදහස් අධ්‍යාපන වැඩපිළිවෙලක් බවට පත් කිරීමට ඇප කැප වෙන බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

හම්බන්තොට, නාකුළුගමුව ගාමිණී මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 46ක වටිනාකමකින් යුතු නවීන බස් රථයක් ප්‍රධානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

“මේ අපි ලබා දෙන අධ්‍යාපනයේ නොමිලේ අධ්‍යාපනයක් කියනවානම් දු දරුවන්ගෙන්වත් දෙමාපියන්ගෙන්වත් තඹ සතයක්වත් එකතු කර ගැනීමට අපි කටයුතු නොකළ යුතුයි.

රජයේ පාසල් උසස් මට්ටමකින් පවත්වාගෙන යාමට රජය වග කිව යුතුයි.

මේ රටේ නිදහස් නිවහල් අධ්‍යාපනය සියයට ලක්ෂ වාරයක්ම නිදහස් නිවහල් නොමිලේ අධ්‍යාපන වැඩපිළිවෙලක් බවට පරිවර්තනය කරන්නට සජිත් ප්‍රේමදාස ඇප කැපවෙනවා කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.”

 

Read more

Local News