යළි එජාප රජයක් බිහි නොවිමට කළ යුතු දේ මෙන්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කිරීමට තීරණය කළහොත් එය සෘජුව එක්සත් ජාතික පක්ෂයට කරන සහය දැක්වීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මන්ත්‍රීවරයා පවසා සිටියේ, එක්සත් ජාතික පක්ෂ රජයක් යළි රට තුළ බිහි නොවෙන්නට අවශ්‍ය වන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දැක්විය යුතු බවයි.

මේ අතර මෙම ආණ්ඩුව විසින් පසුගිය සිව් වසර තුළම සිදු කරනු ලැබුවේ තමන්ගේ වැඩ කටයුතු සඳහා ජනතා මුදල් අවභාවිතා කිරීම සහ හොරකම් කිරීම බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහාතගේ පෞර්ෂය ගොඩ නගා ගැනීම සඳහා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ ගුවන් කළාය භාවිතා කරමින් ජනතා මුදල් අවභාවිත කර ඇති ඇති බවට තමා විසින් පසුගිය දා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළ බවත් ඒ සමබන්ධය වහාම පරීක්ෂණයත් පවත්වන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියේය.