මීගමුව-කුරුණෑගල මාර්ගයේ රථවාහන ධාවනය 14 දා සීමා වෙයි

Share

සමස්ථ ලංකා මැරතන් තරගාවලිය 14 වනදා එනම් සෙනසුරාදා සවස 4.00 ට ගිරිඋල්ල පොලිස් වසමේ දී පැවැත්වෙන අතර, මෙම තරගාවලිය හේතුවෙන් මීගමුව-කුරුණෑගල මාර්ගයේ ගමනා ගමනය සීමා කර තිබේ.

මෙම මැරතන් තරගාවලිය ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසල අසලින් ආරම්භ කර මීගමුව කුරුණෑගල මාර්ගයේ කුරුණෑගල දෙසට කිලෝමීටර හත හමාරක් ගමන් කර මුතුගල හන්දියෙන් හැරී නැවත එම මාර්ගයේම ආපසු පැමිණීමට නියමිතයි.

Read more

Local News