මහේන්ද්‍රන් පිටුවහල් කිරීමේ ඉල්ලීම සිංගප්පූරුව වෙත යොමුකරයි

Share

හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් පිටුවහල් කිරීමට අදාළ ලේඛන සිංගප්පුරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත භාරදීම සඳහා එරට පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වෙත යොමුකර තබේ.

නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදාළ ලේඛනය මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වෙත යොමුකර ඇති බවයි.

විදේශ අමාත්‍යාංශය විසින් අදාළ පිටුවහල් කිරීමේ ඉල්ලීම සිදු කළ බව නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරී රාජ්‍ය නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේය.

Read more

Local News