නව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සුමිත් අතපත්තු

නව යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා වශයෙන් 58 වැනි සේනාංකාධිපතිව සිටි බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු පත්කළ බව යුද හමුදා මුලස්ථානය පවසයි. මෙම නව පත්වීම් ලබන 22 වැනි දා සිට බලපැවැත්වේ.

මෙතෙක් මාධ්‍ය ප‍්‍රකාශක ධුරයේ කටයුතු කළ මේජර් ජෙනරාල් රොෂාන් සෙනවිරත්න 51 වැනි සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් පත්කිරීමෙන් පසු හිස්වන මාධ්‍ය ප‍්‍රකාශක ධුරයට සුමිත් අතපත්තු මෙලෙස පත්කරනු ලැබ ඇත.