වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්

Share

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරුවන් 20 දෙනෙක් රෝහල් ගත කෙරේ.

මස්කෙළිය පොලිස් වසමට අයත් තේ වතු දෙකක තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන්ට අද (23) එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 20 දෙනෙකු මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කර ඇත.

මස්කෙළිය ගවරවිල වතුයායේ සහ මස්කෙළිය සාමිමලේ යන තේ වතුවල වැඩ කරමින් සිටි වතු කම්කරු කාන්තාවන් 16 දෙනෙකු සහ වතු කම්කරුවන් සිව් දෙනෙකුට මෙම බඹර ප්‍රහාරය එල්ල වි ඇත.

අද උදසැන 10- 11 ත් අතර මෙම බඹර ප්‍රහාර එල්ල වී ඇත.

බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් සිව්දෙනෙකු පමණක් නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු සෙසු වතු කම්කරුවන් බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බවත් මස්කෙලිය ප්‍රාදේශිය රෝහලේ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත.

Read more

Local News