තිස්සට සජිත්ගෙන් ආරාධනා

Share

විවිධ මතවාදයන් නිසා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඈත්ව සිටින බොහෝ පිරිසක් අද පක්‍ෂය වෙනුවෙන් කටයුතු කිරීමේ අපේක්‍ෂාවෙන් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මතවාද යනු සාකච්චා කොට විසඳා ගැනීමට කටයුතු කළ හැකි කරුණු මිස වෙන්වීමට සාධක නොවන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එබැවින් විවිධ මතවාදී අරගල නිසා පක්‍ෂයෙන් ඈත්ව සිටින එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් පරිත්‍යාගයෙන් කටයුතු කළ සියලු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරු, සියළු පළාත්පාළන මන්ත්‍රීවරු, ඇතුළු පක්‍ෂ නියෝජිතයින්ට යළිත් පක්‍ෂය සහ ජනතාව ජයග්‍රහණය කරවීමට අත්වැල් බැඳගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

විශේෂයෙන්ම පක්‍ෂයේ ක්‍රියාකාරී ලෙස කටයුතු කළ,අසීරුතම අවස්ථාවේ පක්‍ෂයට ශක්තියක් වූ බිම් මට්ටමේ සිට පක්‍ෂ සංවිධාන ජාලය ගොඩනැගිය හැකි හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට පක්‍ෂයේ අභිමානය ගොඩනගමින් රට ගොඩනැගීමේ වැඩසටහනට තමා සමඟ එක්වන ලෙස ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර බව අමාත්‍යවරයා දන්වා තිබේ.

Read more

Local News