මෙන්න අද කාලගුණ තත්ත්වය

Share

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ‍පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

උතුරු මැද, මධ්‍යම, බස්නාහිර හා ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 75-100 ත් අතර තද වැසි ඇති විය හැකියි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී අධික මීඳුම් සහිත තත්ත්වයක් ඇති විය හැකි බවද කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News