ජනපති කොමිසමේ නිල කාලය අවසන්

Share

පසුගිය සිව් වසර තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ සොයන ජනපති විමර්ශන කොමිසමේ නිල කාලය ඊයේ මැදියම් රැයෙන් අවසන් විය.

එම කොමිසම සඳහන් කළේ, සිදුවන විමර්ශන කටයුතු අවසන් කිරීමට තවත් මාසයක කාලයක් ලබා දෙන්නැයි, ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි.

ජනපති විමර්ශන කොමිෂන් සභාව මේ වසරේ ජනවාරි මස 22 වනදා පත් කළ අතර, එහි පළමු නිල කාලය ජුලි මස 22 වනදායින් අවසන් විය.

ඒ අනුව, එදින සිට කොමිසමේ නිල කාලය යළි ඊයේ දක්වා දීර්ඝ කෙරිණ.

ජනාධිපති කොමිසම සඳහන් කළේ, රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ සම්බන්ධ පැමිණිලි 1343 ක් ලැබුණු බවයි.

ඉන් 137 ක් පොලිස් ඒකකය විසින් විමර්ශනයට ලක් කරනු ලැබූ අතර, පැමිණිලි 22 ක් කොමිසම හමුවේ විභාගයට ගැනිණ.

අදාළ පැමිණිලි සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීමට අග්‍රාමාත්‍යවරයා, ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන්, මන්ත්‍රීවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් මෙන්ම රජයේ ඉහළ නිලධාරීන් ද කැඳවනු ලැබී ය.

වත්මන් රජයේ වංචා හා දූෂණ සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ පළමු වෙළුම පසුගිය 26 වනදා ජනාධිපතිතුමාට භාර දුන්නේ ය.

ජනාධිපති කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතායි.

එහි සෙසු සමාජිකයින් ලෙස විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී විරවර්ධන, විශ්‍රාමික විගණකාධිපති පී.ඒ ප්‍රේමතිලක, විශ්‍රාමික අමාත්‍යාංශ්‍ය ලේකම් ලලිත් ආර් ද සිල්වා සහ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති විජය අමරසිංහ යන මහත්ම මහත්මීහු කටයුතු කළහ.

Read more

Local News