ජනපති කොමිසමේ නිල කාලය දීර්ඝ කරයි

Share

රාජ්‍ය ආයතනවල සිදුව ඇති බව කියන දූෂණ, වංචා පිළිබඳ විමර්ශන සිදු කිරීම සදහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ කාලය යලි දීර්ඝ කර තිබේ.

කොමිෂන් සභාවේ කාලය ඊයේ (30) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබුණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එහි කාලය ඔක්තෝබර් මස 31 වන දින දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති අතර ඊට අදාල අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ දිනයේ නිකුත් කර ඇත.

2015 වසරේ ජනවාරි මස 15 වන දින සිට 2018 වසරේ දෙසැම්බර්මස 31 වනදා දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුව ඇති බව කියන දූෂණ, වංචා පිළිබඳ විමර්ශන සිදු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පසුගිය ජනවාරි මස 14 වනදා මෙම කොමිෂන් සභාව පත් කරනු ලැබුවේය.

Read more

Local News