රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම පියවරක් ගන්නවා

Share

රට සුරක්ෂිත කිරීම සහ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම පියවරක් ගන්නා බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ශී‍්‍ර ලංකා පොදුජන නීතිඥ සංගමයේ නිල කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද(01) පෙරවරුවේ එක් වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

වෙනත් කිසිදු මැතිවරණයකදී නොවූ ආකාරයෙන්, මෙවර මැතිවරණයේදී රාජ්‍ය සම්පත් අවභාවිත කරමින් තිබෙන බවත් සිමෙන්ති බෙදාහැරීමෙන් ඇරඹි භාණ්ඩ බෙදාදීම දිනෙන් දිනම ව්‍යප්ත වෙමින් පවතින බවද හඳුනාගත හැකි බවත් මෙහිදී රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟු ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානය ගොඩනැගීම සඳහා අවශ්‍ය සියලූ කැප කිරීම් සිදුකරන බව ද හෙතෙම සඳහන් කළේය.

සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සියලූ දෙනා උත්සාහ කරන මෙම අවස්ථාවේදී ඇතැම් පුද්ගලයින් කිහිපදෙනෙක් පමණක් ඊට බාධාවන ලෙස කටයුතු කිරීම ඉතාමත්ම කණගාටුදායක තත්වයකි.

එම නිසා මෙවැනි අවස්ථාවක රට ගොඩනැගීම සහ රටේ ආරක්ෂාව ශක්තිමත් කිරීම වෙනුවෙන් පැහැදිලි දැක්මක් සහ සැලැස්මක් සහිත නායකයකු බිහි කර ගැනීම සඳහා රටේ ජනතාව සිහි බුද්ධියෙන් කටයුතු කළ යුතු බවත් ඒ වෙනුවෙන් තමන්ගේ වටිනා ඡන්දය භාවිතා කළ යුතු බවත් බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේය.

Read more

Local News