ගෝඨාගේ පෙත්සම සලකා බැලීම අද

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙකු වශයෙන් පිළිගැනීම වැළැක්විමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම අද (02) සලකා බැලිමට නියමිතව තිබේ.

ඒ අනුව පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීමට නියමිතයි.

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණි වියන්ගොඩ යන මහත්වරුන් විසින් පෙත්සම ඉදිරිපත් කළ අතර ආගමන විගමන පාලකවරයා ඇතුළු පාර්ශව රැසක් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

පෙත්සම්කරුවන් ප්‍රකාශ කර ඇත්තේ විධිමත් පුරවැසි සහතිකයක් ඉදිරිපත් නොකොට ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙරට දි විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැදුනුම්පතක් ලබාගෙන ඇති බවයි.

එබැවින් එම බලපත්‍ර අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම විභාගය අවසන් වන තෙක් එම බලපත්‍ර ක්‍රියාත්මක කිරීම වලක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ඉල්ලා සිටියි.

Read more

Local News