පොහොට්ටුව ගසට පොත්ත ලෙස බැදී අවසන්

Share

අධිකරණය අනවශ්‍ය ලෙස යොදාගනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වළක්වාලීමට උත්සාහ දැරීම නිවට ක්‍රියාවක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

අනුරාධපුර පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

අධිකරණ ක්‍රියාමාර්ග ගනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වය නැති කරන්නට සුදානම් වෙනවා නම් එය කොන්ද පන නැති නිවට ක්‍රියාවක් බවද මන්ත්‍රීවරයා පවසයි.

එමෙන්ම කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඡන්ද කැඩිමට හැකියාවක් නොමැති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

එහිදි අදස් දැක්වු ඒ මහතා පැවසුවේ ජනාධිපතිවරණයේදි පොහොට්ටුවේ ලකුණ වෙනස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කළ කාලයේ යෝජනා කලේ නම් යම් වෙනසක් සිදු කිරීමට හැකියාවක් තිබු බවයි.

නමුත් වර්ථමානයේ එය සිදු කිරිමට කිසිදු හැකියාවක් නොමැති බවත් ගෝඨාභය සහ පොහොට්ටුව යනු ගසට පොත්ත ලෙස බැදී අවසන් බවත් මන්ත්‍රීවරයා පැහැදිලි කළේය.

නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමට අවශ්‍ය නම් කල යුත්තේ ලකුණ සම්බන්ධයෙන් ඇති ගැටළු අමතක කර දමා ප්‍රතිපත්තිමය ගැටළු ගැන සාකච්ඡා කරමින් රටේ ආනාගතය ගැන තීරණය කිරීම බවද මන්ත්‍රීවරයා පවසයි.

Read more

Local News