ජනතාව මෝඩයට ඇන්දීම සුදුසු නෑ

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙතෙක් ශ්‍රී ලාංකික  පුරවැසිභාවය නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පවසයි.

මිගමුවේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට පුරවැසිභාවය නොමැතිව මැතිවරණයට ඉදිරිපත් වීම වැරදි යන්න පැහැදිලිව පැවසු බව සඳහන් කර සිටි මන්ත්‍රීවරයා, එදා අදත් එක සේ ඔහුට පුරවැසිභාවය නොමැති බව පවසන බවත් සඳහන් කර සිටියේය.

මේ රටේ පුරවැසිභාවයක් නොමැතිව ජනාධිපතිවරණයට නොව පාර්ලිමේන්තු මැතිවරණයකටවත් ඉදිරිපත් විය නොහැකි බව සඳහන් කර සිටි මන්ත්‍රීවරයා, ගෝඨාභය රාජපක්ෂ මහතා කථා කරන ද්විත්ව පුරවැසිභාවය තිබී වැඩක් නොමැති බවත් පැවසීය.

අනන්‍යතාවය පමණක් ශ්‍රී ලාංකීක වී වැඩක් නොමැති බවත් ජාතික හැඳුණුම්පත තිබිය යුතු බවත් පවසන ජයවර්ධන මහතා, පාස්පෝර්ට් එකක් තිබිය යුතු බවත් “දෙක දෙක තිබිලා වැඩක් නෑ.. එක එක තිබිය යුතුයි“ යනුවෙන් ද කියා සිිටියේය.

එනිසා ජනතාව මෝඩයට ඇන්දීම සුදුසු නොමැති බවත් පවසන ඒ මහතා, රටේ මැතිවරණයක් පෙනි පෙනී පුරවැසිභාවය ඇතැයි බොරු කීම හොඳ නැති බවත් පැවසීය.

Read more

Local News