දුම්රිය සේවය සංවෘත සේවාවක් කරන්න අනුමැතිය

Share

දුම්රිය දෙපාර්තමේන්තුව සංවෘත සේවාවක් බවට පත් කොට වැටුප් විෂමතා විසඳීමට කැබිනට් අනුමැතිය හිමිව තිබියදීත් වැඩ වර්ජන සිදු කරන්නේ නම් එම වෘත්තිය සමිතිවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි.

නමුත් ආණ්ඩුව සමඟ පැවති සාකච්ඡා අසාර්ථක බව පවසමින් දුම්රිය වෘත්තිය සමිති අද අඛණ්ඩව හත් වැනි දිනටත් වැඩ වර්ජනය ක්‍රියාත්මක කරයි.

රට පුරා සිදු කෙරෙන වැඩ වර්ජනවලට විසඳුම් ලබාදීමට මුදල් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කෙරුණු කැබිනට් අනු කමිටුව , වර්ජනයේ නිරත දුම්රිය වෘත්තිය සමිති සමඟ පසුගියදා පළමු සාකච්ඡාව පැවැත් විය.

ඒ මුදල් අමාත්‍යාංශයේදී. සාකච්ඡාවෙන් පසු එම වෘත්තිය සමිති කියා සිටියේ පැවති සාකච්ඡා අසාර්ථක වූ බැවින් සිය වර්ජනය අඛණ්ඩව සිදුකරන බවයි.

ඒ අනුව  ක්‍රියාත්මක වූ වර්ජනය නිසා මගීන් දැඩි අපහසුතාවට ලක් විය.

ඒ උදෑසන කාර්යාල දුම්රිය රැසක් ධාවනය නොවීම හේතුවෙන්.

පිට පළාත්වල සිට කොළඹ කොටුව සහ මරදානට ඊයේ (01) උදෑසන පැමිණ ඇත්තේ දුම්රිය 11ක් පමණයි.

මේ අතර වර්ජනයට සහාය නොදෙන දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් ඊයේ මරදාන දුම්රිය මූලස්ථානය වෙත පැමිණ එහි සාමාන්‍යාධිකාරිවරයා සමඟ සාකච්ඡාවක නිරත විය.‍

ඊයේ පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී දුම්රිය සේවය සංවෘත සේවාවක් බවට පත් කිරීම සඳහා වූ යෝජනාවට අනුමැතිය හිමිවූ බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

නමුත් පසුගියදා පැවති කැබිනට් අනු කමිටුවේදී එකඟ වූ යෝජනාවලින් ඇතැම් යෝජනා අනු කමිටු සාමාජිකයන් කැබිනට් මණ්ඩලට ඉදිරිපත් කර නොමැති බව දුම්රිය වර්ජකයන් පවසයි.

ඒ අනූව අදත් වර්ජනය ක්‍රියාත්මකයි.

Read more

Local News