දැන් අලීන්ටත් ප්‍රශ්න ගොඩයි

Share

රටේ ජාතික ආරක්ෂාව තහවුරු කළ හැකි එකම පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

බෙන්තර  ඇල්පිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මේ මොහොතේ රටේ ජනතාවගේ ආරක්ෂාව ඇති කිරීම බවත්, එය ඇති කළ හැකි එකම පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

නමුත් කට්ටියක් නම් අද බය වී ඇතැයි පැවසු රාජපක්ෂ මහතා, “සජිත් ප්‍රේමදාස මහත්තයා බය වුණ තරමට නඩු වැලයි“ යනුවෙන්ද කියා සිටියේය.

“ඒ දවස්වල මට නඩු ගොඩයි“ යනුවෙන් පැවසු බැසිල් රාජපක්ෂ මහතා, “දැන් අලීන්ටත් ප්‍රශ්න ගොඩයි“ යනුවෙන්ද පැවසීය.

අලි කෙඳි නැති අලි අද ඉන්නේ යැයි පැවසු ඒ මහතා, තමා සිතා සිටියේ අලීන් වයසට ගොස් කෙඳි ගැලවී ඇති බවත් නමුත් සිදුව ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා අලි කෙඳි ටික ගලවා ගෙන බවත් කියාසිටියේය.

සජිත් මහතා නිවාස සැදීමට යොදා ගන්නේ පුරා වස්තු ඇති ස්ථාන බවත් පැවසු බැසිල් රාජපක්ෂ මහතා අත්වාරම් කපන්න වෙන දේවල් හාරන බවත් පැවසීය.

Read more

Local News