කෙසෙල්ගමු ඔයේ සැඩ පහරට ගොස් අතුරුදහන් වූ දෙදරු පියාගේ සිරුර හමුවෙයි

Share

බගවන්තලාව, කෙසෙල්ගමු ඔයේ සැඩ පහරට හසු වී ගසාගෙන ගොස් අතුරුදහන්ව සිටි දෙදරු පියාගේ සිරුර කෙසෙල්ගමුඔය අසල වලක තිබී නාවික හමුදාව විසින් අද (02) දහවල් සොයා ගෙන තිබේ.

මෙලෙස සොයාගනු ලැබුවේ බගවන්තලාව කිලානි වතුයායේ පදිංචි පෙරුමාල් මනෝහරන් නැමති දෙදරු පියාගේ සිරුරයි.

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔයේ ජල මට්ටම ඉහළ ගොස් පිටාර ගැලීම නිසා නිවස කරා යමින් සිටියදි මරණකරු ඉකුත් 30 දින රාත්‍රි 8.00ට පමණ කෙසෙල්ගමුඔයේ සැඩ පහරට හසු වි ගසාගෙන ගොස් තිබුණි.

ඊයේ (01) සිට නාවික හමුදාව කෙසෙල්ගමුඔයේ සිරුර සොයා සොදිසි මෙහෙයුමක් දියත් කර තිබු  අතර අද දහවල් මරණකරු සැඩ පහරට හසු වු ස්ථානයේ සිට කිලෝමිටර 2ක් පමණ පහලට කෙසෙල්ගමුඔය අසල මැණික් ගැරු වලක තිබි සොයාගත් බව බගවන්තලාව පොලීසිය පැවසුවේය.

සිරුර හැටන් මහෙස්ත්‍රාත්වරයාගේ මහෙස්ත්‍රාත් පරික්ෂණයෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යයවරිය වෙත යොමු කරන බව බගවන්තලාව පොලීසිය පැවසීය.

Read more

Local News